මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මැයි මස 30 වනදාට යෙදී ඇති අතර, ඊට පසු දින එනම් මැයි 31 වන ඉරිදා දිනය ද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රජය පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.
මේ සම්බන්ධයෙන් වන නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි, මෙවර වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජූනි මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
මෙම කාලසීමාව තුළ දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
2569 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මෙම පින්කම් මාලාවට සමගාමීව දිවයිනේ සියලුම වෙහෙර විහාරස්ථාන ආවරණය වන පරිදි ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

