සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර මාලාවේ අවසන් සහ සොබාදහමට වඩාත්ම සමීප චාරිත්‍රය වන “පැළ සිටුවීමේ නැකත” අද දිනට (අප්‍රේල් 23) යෙදී තිබේ.
නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි අද පූර්වභාග 09.01 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, උතුරු දිශාව බලා පැළ සිටුවීම සුබදායක වේ.
අලුත් අවුරුදු උළෙල හුදෙක් උත්සවයකට පමණක් සීමා නොකර, මතු පරපුර උදෙසා මිහිකත සුරැකීමේ සහ රට ආහාර ස්වයංපෝෂිත කිරීමේ උතුම් පරමාර්ථය මෙම නැකත තුළ ගැබ්ව ඇත.
තමාට හැකි උපරිමයෙන් තම ගෙවත්තට හෝ පොදු පරිශ්‍රයක පැළයක් එක් කරමින්, මෙම ජාතික කර්තව්‍යයට දායක වීම අප සැමගේ වගකීමකි.
පෞරාණික වටිනාකම් සහ පාරිසරික බැඳීම එක්තැන් කරන මෙම සුබ මොහොත, සශ්‍රීක අනාගතයක පෙරනිමිත්තක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු!

