හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතව ඇති අතර දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවා .
ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටිනවා .
ඒ අනුව ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකිවනු ඇත.
සිම්බාබ්වේ දේශයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු ද්විපාර්ශ්වීය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මෙය වේ .

