ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව සිය මීළඟ මාරක පියවර ප්‍රකාශයට පත් කරමින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඉරානයේ ඉතිරිව ඇති යටිතල පහසුකම් විනාශ කිරීම ඇමරිකානු හමුදාව “තවමත් ආරම්භ කර නැති” බව පවසමින් ඔහු ලෝකයම මවිත කළ සටහනක් සිය ‘Truth Social’ ගිණුමේ තබා ඇත.
තමන්ගේ පාලනය යටතේ පවතින ඇමරිකානු හමුදාව ලෝකයේ ඕනෑම තැනක සිටින ශක්තිමත්ම සහ බලවත්ම හමුදාව බව අවධාරණය කරන ට්‍රම්ප්, ඉරානයේ ඉතිරිව ඇති දේ විනාශ කිරීමට ඔවුන් තවමත් ක්‍රියාත්මක වී නොමැති බව පවසයි.
මෙය හුදු තර්ජනයකට වඩා යුදමය පෙරනිමිත්තක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ හඳුන්වති.

