spot_img

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රියේ මොරගහහේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක විශේෂ සාදයක් පවත්වා තිබේ.

එහිදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු හෝටලය තුළම මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

හෝටලය තුළ පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ මොරගහහේන පොලීසිය, පහරදීමට සම්බන්ධ බවට සැකකෙරෙන සෙසු සිසුන් පස්දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

සැකකාර සිසුන් පිරිස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

අමාත්‍ය කුමාර ජයකොඩිගේ ‘අසුන’ සෙලවෙයි – විශ්වාසභංග විවාදය අද පාර්ලිමේන්තුවේදී

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. සමගි...

වෙනත් ලිපිRELATED