spot_img

පවුල් ආරවුලක් දුරදිග ගොස් ද්විත්ව ඝාතනයක් – මව සහ ඥාතියා මැරූ බෑනා පොලිස් අත්අඩංගුවට

ගාල්ල, තෙලිකඩ පොලිස් වසමට අයත් මාවඩවිල අක්කර 13 ප්‍රදේශයෙන් අද (03) අලුයම වාර්තා වූයේ මුළු ප්‍රදේශයම කම්පා කළ අතිශය අවාසනාවන්ත පුවතකි.

පවුල් ආරවුලක් මුල් කරගනිමින් පුද්ගලයෙකු විසින් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.

අද උදෑසන 6.00 ට පමණ මෙම බිහිසුණු ප්‍රහාරය එල්ල වී ඇත්තේ මාවඩවිල ප්‍රදේශයේ පිහිටි නිවසකදීය.

සැකකරු විසින් නිවසේ සිටි පිරිසට තියුණු ආයුධයකින් (කඩුවකින්) අනුකම්පා විරහිතව පහර දී ඇත.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් දෙදෙනෙකු මියගොස් සිටි බව පොලීසිය සඳහන් කරයි.

ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාව මියගිය මිත්තණියගේ දියණිය වන අතර, ඇයගේ එක් අතක් ශරීරයෙන් වෙන් වන ලෙස ප්‍රහාරය එල්ල වී තිබේ.

ඇය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) මරණය සමඟ සටන් කරමින් ප්‍රතිකාර ලබයි.

ඝාතනයට සම්බන්ධ සැකකරු 35 හැවිරිදි වියේ පසුවන උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු හිටපු හමුදා සෙබළෙකු බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ඔහු මියගිය මිත්තණියගේ අනෙක් දියණියගේ ස්වාමිපුරුෂයා (බෑනා) වන අතර, ඔහුගේ බිරිඳ මේ වන විට ඉතාලියේ රැකියාවක නිරතව සිටියි.

මෙම ඝාතනයට හේතු වී ඇත්තේ පවුල් ආරවුලක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකරු මේ වන විට තෙලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED