spot_img

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි – ඉන්ධනහල් සිය ගණනක් වසා දමයි!

ගෝලීය වශයෙන් මතුව ඇති දැඩි ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පවතින උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල්වල තොග අවසන් වී ඇති බව සදහන්.

ඉල්ලුම ඉහළ යාම නිසා ඉන්ධනහල් රැසක සැපයුම නතර වී ඇති අතර ඇතැම් ස්ථානවල ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇත.

මැදපෙරදිග ඇතුළු ගෝලීය යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ එරට ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානු බලධාරීන් වැසියන්ගෙන් ඉල්ලා සිටී.

මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් පැවතුණහොත් එහි බලපෑම මීට වඩා දරුණු විය හැකි බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අවධාරණය කරයි.

ගෝලීය ආර්ථික සහ දේශපාලනික අර්බුද හමුවේ සංවර්ධිත රටවල් පවා මෙලෙස බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED