ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් Apple සමාගම සිය නවතම iPhone මාදිලි එළිදක්වා තිබෙනවා .
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේ දී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණු අතර ඒ අනුව, ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක් වූ iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අද (09) වෙළෙඳපොළට නිකුත් කරන බවයි සඳහන් වන්නේ .
ඇපල් සමාගම විසින් අද iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙන බවයි වාර්තා වී ඇත්තේ .

