spot_img

අනුරාධපුරයේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා සාමයේ පණිවිඩය රැගෙන යන ඓතිහාසික චාරිකාව – 22 දා ඇරඹෙයි

ලොව පුරා අවිහිංසාවාදී පණිවිඩය ප්‍රචලිත කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව” එළඹෙන 22 වැනිදා අනුරාධපුර ඓතිහාසික පුදබිමෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම මහා පාගමනට සහභාගී වීම සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් අලුත්ගම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දොළොස්නමක් මේ වන විටත් දිවයිනට වැඩම කර සිටිති.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසින් ආරම්භ වන මෙම ගමන, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය යටතේ සිදු කෙරේ.

විශේෂත්වය වන්නේ මෙම පාද යාත්‍රාව සමඟ ඓතිහාසික ශ්‍රී මහා බෝධි අංකුරයක්ද වැඩම කරවීමයි.

22 වැනිදා අනුරාධපුරයෙන් ඇරඹෙන පාගමන ප්‍රධාන නගර රැසක් හරහා ගමන් කිරීමට සැලසුම් කර ඇත:

ගමන් මඟ: අනුරාධපුර → දඹුල්ල → නාඋල → මාතලේ → මහනුවර → කඩුගන්නාව → කෑගල්ල → තෝලංගමුව → කජුගම → යක්කල → මහර → කැලණිය.

අවසන් ගමනාන්තය: අප්‍රේල් 28 වැනි දින කොළඹ නිදහස් චතුරස්‍රය.

පාද යාත්‍රාවෙන් වැඩම කරවන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතව ඇත.

එම උතුම් ශාඛාව ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවා රෝපණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ත්‍රිරෝද රථයක හදිසිය නිසා සරසවි සිසුවෙකුට බරපතලයි – රිළාවල මංසන්ධියේ බිහිසුණු අනතුර CCTVයේ සටහන් වූ අයුරු

නිතර අනතුරු බහුලව සිදුවන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කහතුඩුව, රිළාවල මංසන්ධියේදී අද පෙරවරුවේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථයක්...

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී – මැයි 30 සහ 31 විශේෂ නිවාඩු දින ලෙස නම් කෙරේ

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මැයි මස 30 වනදාට යෙදී ඇති අතර, ඊට පසු දින එනම් මැයි...

වසර 15ක ආයුෂ වැඩි කළ “එන්නත්” විප්ලවය – සෞඛ්‍ය අංශවලින් විශේෂ අනාවරණයක්

පසුගිය දශක එකහමාරක කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ආයු කාලය මීට පෙර කිසිදා නොවූ අයුරින් ඉහළ ගොස් ඇති බවත්, ඒ...

උදා වූ පැළ සිටුවීමේ නැකත – මිහිකත සරු කරන සුබ මොහොත

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර මාලාවේ අවසන් සහ සොබාදහමට වඩාත්ම සමීප චාරිත්‍රය වන "පැළ සිටුවීමේ නැකත" අද...

වසර 7ක වේදනාබර මතකය – පාස්කු වින්දිතයන් වෙනුවෙන් අද රටම එකට එක්වෙයි.

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ බිහිසුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 7ක් සපිරේ. ඒ නිමිත්තෙන් ප්‍රහාරයෙන් වින්දිතයන්...

මහරගම ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් – දෙමහල් නිවසකට ගිනි තබා මව සහ 16 හැවිරිදි දියණිය මරා දමයි.

මහරගම පමුණුව පාරේ, එක්සත් සුබ සාධක මාවතේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ...

වෙනත් ලිපිRELATED