spot_img

ලෝකයම බලා සිටි තීරණය ට්‍රම්ප්ගෙන් – ඉරාන යුද්ධය අවසන් කිරීමේ සූදානමක්!

ඉරානයට එරෙහිව දියත් කළ යුද මෙහෙයුම්වලදී අමෙරිකාව බලාපොරොත්තු වූ අරමුණු ඉතා සමීපයටම පැමිණ ඇති බවත්, ඒ අනුව සිය හමුදා මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ සිය නිල ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

ඉරානය සතු මිසයිල හැකියාව සම්පූර්ණයෙන්ම බිඳහෙළීමට අමෙරිකානු හමුදාවන්ට හැකි වූ බවත්, ඉරානයේ යුද ශක්තිය හීන කිරීම ඇතුළු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වූ බවත් ට්‍රම්ප් එහි සඳහන් කර ඇත.

විශේෂයෙන්ම ඉරානයේ යුද උපකරණ නිපදවන ප්‍රධාන කඳවුරු විනාශ කිරීමට හැකි වූ බැවින්, එම රටට නැවත කිසි දිනෙක න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කිරීමට පවා නොහැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම මෙහෙයුම් හරහා මැදපෙරදිග කලාපයේ අමෙරිකානු මිත්‍ර රටවල් වන ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේට් යන රටවල් ඉරාන තර්ජනවලින් මුදාගෙන සුරක්ෂිත කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්, ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) පිළිබඳව ට්‍රම්ප් මෙහිදී විශේෂ කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.

එම මුහුදු සීමාව භාවිත කරන අනෙකුත් රටවල් එහි ආරක්ෂාව සහතික කිරීමේ වගකීම මින් ඉදිරියට භාරගත යුතු බව ඔහු සිය සටහන මගින් පවසා තිබේ.

අමෙරිකාව සිය යුද මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව නිල වශයෙන් සලකා බැලීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය ඉදිරියේදී වෙනස් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED