spot_img

ලෝකයේ රටවල් රැසක ඔරලෝසු කටු ආපස්සට කැරකෙයි!

උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කාලය (Summer Time) උදාවීමත් සමඟ ලබන සතියේ සිට ලෝකයේ රටවල් රැසක වේලාවන්හි සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායලය, මැදපෙරදිග බොහෝ රටවල් මෙන්ම යුරෝපය සහ උතුරු ඇමෙරිකාව යන කලාපවල ඔරලෝසු වේලාව ඉදිරි සතියේ සිට පැයකින් අඩු වීමට නියමිතය.

මෙම ගෝලීය කාල සංශෝධනයත් සමඟ 2026 මාර්තු මස 27 වැනි දින සිට ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර දැනට පවතින කාල වෙනසෙහි ද කැපී පෙනෙන වෙනසක් සිදුවේ.

දැනට දෙරට අතර පවතින පැය 3 විනාඩි 30 ක කාල වෙනස, එදින සිට පැය 2 විනාඩි 30 ක් දක්වා අඩු වීමට නියමිතය.

නූතන ස්මාර්ට් දුරකථන සහ විද්‍යුත් ඔරලෝසු (Smart Watches/Digital Clocks) බොහෝමයක් ජාල පහසුකම් හරහා ස්වයංක්‍රීයව මෙම වේලාව යාවත්කාලීන කර ගනු ලබයි.

කෙසේ වෙතත්, එවැනි පහසුකම් නොමැති සාමාන්‍ය ඔරලෝසු සහ අනෙකුත් දුරකථන භාවිත කරන්නන් මාර්තු 27 වැනිදා සිට සිය වේලාවන් අතින් (Manually) වෙනස් කරගත යුතු බවට තොරතුරු වාර්තා වේ.

විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා එම රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සහ එම රටවල් සමඟ සන්නිවේදන කටයුතු සිදු කරන පුද්ගලයින් මෙම කාල වෙනස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED