මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු වූ නෙතුල නිම්නිදු සහ සචිත් කරුණාරත්න යන සිසුන් දෙදෙනාගේ අකල් වියෝව මුළු මහනුවරම කඳුළින් තෙත් කර තිබේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදු වූ මෙම බිහිසුණු අනතුර, පාසල් මාතාවට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට දරාගත නොහැකි ශෝකයක් ඉතිරි කර ඇත.
මඩුගල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී සිසුන් දෙදෙනාම බරපතල තුවාල ලැබූ අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් ජීවිතක්ෂයට පත් විය.
අනතුරට සම්බන්ධ බස් රථ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මියගිය සිසුන් දෙදෙනාගේ දේහයන් මේ වන විට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර ඇත.
නෙතුල නිම්නිදු සිසුවාගේ දේහය දොරගමුවේ ද, සචිත් කරුණාරත්න සිසුවාගේ දේහය පූජාපිටිය බොක්කාවල ද,
තැන්පත් කර ඇති අතර ප්‍රදේශවාසීන් සහ හිතමිතුරන් විශාල පිරිසක් සිය අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිති.
හෙට (04) පස්වරු 2.00 ට දේහයන් ඔවුන් අකුරු කළ ආදරණීය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙත රැගෙන ඒමට නියමිතය.
එහිදී ගුරුවරුන් සහ සිසුන් සිය සහෝදර සිසුන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, හෙට පස්වරුවේ මහයියාව ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

