spot_img

“වෛරයෙන් වෛරය නොසංසිඳේ” – ලෝක සාමය වෙනුවෙන් පෙරට එන්නැයි අස්ගිරි අනුනාහිමියන්ගෙන් බලවතුන්ට ඇරයුම්

“වෛරයෙන් වෛරය නොසංසිඳේ” – ලෝක සාමය වෙනුවෙන් පෙරට එන්නැයි අස්ගිරි අනුනාහිමියන්ගෙන් බලවතුන්ට ඇරයුම්

ඉරාන නෞකා දෙකක සිටි පිරිසට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මානුෂීය ආධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වීම බෙහෙවින් අගය කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනාහිමියෝ පවසනවා.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින්.

ලෝක බලවතුන් යුද්ධයක පැටලී සිටින මෙවන් අසීරු අවස්ථාවක, ජනාධිපතිවරයා ඉතා බුද්ධිමත්ව අවශ්‍ය තීරණය අවශ්‍ය මොහොතේම ගෙන ඇති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටවලටද වක්‍රාකාරව බලපාන බව සඳහන් කළ අනුනාහිමියෝ, පසුගියදා ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් විනාශ වූ අවස්ථාවේ රජය ක්‍රියා කළ ආකාරය ප්‍රශංසාවට ලක් කළහ.

“එම අවස්ථාවේ විපතට පත් ජනතාවට පිහිට වීම සඳහා රජය ගත් තීරණය අප අගය කළ යුතුයි. ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟව ක්‍රියා කරන රටක් ලෙස අප එම තීරණය ගත යුතුව තිබුණා. තවත් ඉරාන නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ආධාර ඉල්ලා සිටි අවස්ථාවේදීත් ජනාධිපතිවරයා ඉතාම බුද්ධිමත්ව ඊට මැදිහත් වුණා.”

බලවත් රටවල් අතර පවතින ගැටුමකදී එක් පාර්ශවයකට පමණක් පක්ෂපාතී නොවී මධ්‍යස්ථව කටයුතු කිරීමේ වැදගත්කම උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කරනවා.

ත්‍රිකුණාමලය වරායට නෞකාව රැගෙන ඒමටත්, ඉරාන නැවියන්ට ආරක්ෂාව හා මානුෂීය සහන සැලසීමටත් රජය ගත් පියවර අනෙකුත් බලවත් රටවලටද අගතියක් නොවන සාධනීය තීරණයක් බව උන්වහන්සේගේ අදහසයි.

තිස් අවුරුදු යුද්ධයකින් බැටකෑ ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් සෑමවිටම අපේක්ෂා කරන්නේ සාමය බවත්, “වෛරයෙන් වෛරය නොසංසිඳේ” යන බුද්ධ දේශනාව ලෝක බලවතුන් අවබෝධ කරගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED