උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කාලය (Summer Time) උදාවීමත් සමඟ ලබන සතියේ සිට ලෝකයේ රටවල් රැසක වේලාවන්හි සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ඊශ්‍රායලය, මැදපෙරදිග බොහෝ රටවල් මෙන්ම යුරෝපය සහ උතුරු ඇමෙරිකාව යන කලාපවල ඔරලෝසු වේලාව ඉදිරි සතියේ සිට පැයකින් අඩු වීමට නියමිතය.
මෙම ගෝලීය කාල සංශෝධනයත් සමඟ 2026 මාර්තු මස 27 වැනි දින සිට ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර දැනට පවතින කාල වෙනසෙහි ද කැපී පෙනෙන වෙනසක් සිදුවේ.
දැනට දෙරට අතර පවතින පැය 3 විනාඩි 30 ක කාල වෙනස, එදින සිට පැය 2 විනාඩි 30 ක් දක්වා අඩු වීමට නියමිතය.
නූතන ස්මාර්ට් දුරකථන සහ විද්‍යුත් ඔරලෝසු (Smart Watches/Digital Clocks) බොහෝමයක් ජාල පහසුකම් හරහා ස්වයංක්‍රීයව මෙම වේලාව යාවත්කාලීන කර ගනු ලබයි.
කෙසේ වෙතත්, එවැනි පහසුකම් නොමැති සාමාන්‍ය ඔරලෝසු සහ අනෙකුත් දුරකථන භාවිත කරන්නන් මාර්තු 27 වැනිදා සිට සිය වේලාවන් අතින් (Manually) වෙනස් කරගත යුතු බවට තොරතුරු වාර්තා වේ.
විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා එම රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සහ එම රටවල් සමඟ සන්නිවේදන කටයුතු සිදු කරන පුද්ගලයින් මෙම කාල වෙනස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

