නේපාල දේශපාලනයේ දශක ගණනාවක් පැවති ප්‍රභූ පාලනය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය පරාජය කරමින්, 35 හැවිරිදි හිටපු රැප් ගායක බාලේන්ද්‍ර ෂා (Balendra Shah) එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (27) දිවුරුම් දුන්නා.
පසුගිය වසරේ තරුණයන්ගේ මූලිකත්වයෙන් ඇති වූ දැවැන්ත විරෝධතාවලින් පසු පැවැත්වූ පළමු මැතිවරණයෙන් ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගත්තේය.
කත්මණ්ඩු අගනුවර නගරාධිපති ලෙස වසර තුනක් දැක්වූ දක්ෂතාවලින් පසු, ‘රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය’ සමඟ එක්ව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ඔහු මෙවර මහ මැතිවරණයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
දූෂණය, නෑදෑ හිතමිතුරන්ට සැලකීම සහ පැරණි ප්‍රභූ පාලනය කෙරෙහි කලකිරී සිටි නේපාල වැසියන්, බාලේන්ද්‍ර ෂාගේ “වෙනසක් සඳහා වූ පොරොන්දුව” අතිමහත් බහුතරයකින් පිළිගෙන ඇත.
මෙම පත්වීම නේපාල දේශපාලන ඉතිහාසයේ දැවැන්ත හැරවුම් ලක්ෂයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

