spot_img

ගලිගමුවේ ඤානදීප හිමිට එරෙහි මඩ ප්‍රචාරයට පිළිතුරු

අතිපූජ්‍ය ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්සේට එරෙහිව ශීලා ප්‍රේමකාන්ති නම් කාන්තාව විසින් පසුගිය දා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නාලිකාවක් ඔස්සේ අසත්‍ය චෝදනා එල්ල කර සිටි අතර එම චෝදනාවන්හි නීතිමය පසුබිම සම්බන්ධයෙන් නීතිඥ නලින් සමරකෝන් මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා .

එහිදී ඔහු අදහස් දක්වමින් කියා සිටියේ මෙම කරුණු සියල්ල ම මේ වන විට අධිකරණයේ පත්‍රතාවයට පත් වී ඇති නඩු කටයුතු බවත් අප සියලු ම දෙනා නීතියට යටත් බවත් ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නීතිඥ නලින් සමරකෝන් මහතා.

“… ගරු ස්වාමින් වහන්සේ විසින් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතුරුගිරිය සඳහම් පදනම සඳහා පනවා තිබු වාරණ නියෝගය ගරු අධිකරණය විසින් ඉවත් කරනු ලැබුවා .

මේ වෙන කොට ඔවුන් හෝමාගම සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා .එම අභියාචනා මහාධිකරණයට ඉදිරිපත් කළ චෝදනා 03 න් එක් අභියාචනයක් මේ වෙනකොට ගරු හෝමාගම සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා .

කොහොම උනත් මේ වෙද්දී නඩුව අවසන් වන තෙක් අතුරුගිරිය ශ්‍රී සඳහම් පදනමේ කටයුතු කරගෙන යාමට ගරු අධිකරණය විසින් අවසර ලබා දීලා තියෙනවා …”

එමෙන්ම උන්වහන්සේගේ චරිතයට හානි වන ලෙස සිදු කළ අසත්‍ය ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා භික්ෂූන් වහන්සේලා මැදිහත්ව පසුගිය දිනක මාධ්‍ය සාකච්චාවක් ද පවත්වනු ලැබුවා .

එය පවත්වනු ලැබුයේ පූජ්‍ය අඹන්පොළ ඥානතුසිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්.

අදාල කාන්තාව විසින් අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම යන විහාරස්ථානය ඇයගේ නිවස බවත් ඇය දේවාලයක් කරගෙන ගිය ස්ථානයක් බවත්, රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන ගිය බවත් ඇය කළ ප්‍රකාශවල ඇතුළත්ව තිබුණා .

එසේම පසුගිය දිනක මෙම චෝදනා වලට එරෙහිව විමර්ශනයක් සිදු කිරීම සඳහා සිවිල් ක්‍රියාකරුවෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුවට පැමිණිල්ලක් ද භාර දීමට කටයුතු කරනු ලැබුවා .

කෙසේ වෙතත් මෙම අසත්‍ය හා පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් අතිපූජ්‍ය ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්සේ විසින් මෙත් රුපවාහිනී නාලිකාව හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED