2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ අන්තර්ජාලය ඔස්සේ රැවටීමට ලක්කරමින් ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය පවසනවා .
එමෙන්ම 2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියා .
එමෙන්ම කාන්තාවන් 375ක්ද එම වසරේ දී මේ සඳහා ගොදුරු වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ .
කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා .

