පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයින පුරා ක්රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කර කරනු ලැබුවා .
එම මෙහෙයුම් මඟින් පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එමගින් සැකපිට පුද්ගලයින් 714ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටියා .
තවද මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 253 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 19ක් වූ බවද පොලීසිය සඳහන් කර සිටි අතර අපරික්ෂාකාරි ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා .
රථවාහන වැරදි සම්බන්දව පුද්ගලයින් 4,495 දෙනෙකුටද නීතිය ක්රියාත්මක කිරීමටද පොලීසිය මෙහිදී පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

