spot_img

සත්ව පාලනය හා ඒකාබද්ධ වුන සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක්

ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපලේ වහල මත සවිකළ සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සූර්ය විදුලිබලාගාරයක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතින් විවෘත කෙරුනා .

එහිදී අමත්‍යවරයා කියා සිටියේ සත්ව පාලනය හා ඒකාබද්ධ වුන සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක් බවත් අනෙකුත් කර්මාන්තකරුවනුත් මේ ආදර්ශය අනුගමනය කරන්නේ යහපත් කාරණාවක් බවත්ය .

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා .

” සූර්ය විදුලිබලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වන්න ලැබීම සතුටක්. මේ ව්‍යාපෘතියේ මා දැකපු විශේෂතම ලක්ෂණය සත්ව පාලනය එහෙම නැත්ත‍ං කුකුල් ගොවිපළට බද්ධවෙලා කුකුල් කූඩුවල වහලමත සවි කරපු සූර්ය පැනල භාවිතයෙන් විදුලි නිෂ්පාදනය කරන එක. මේ ආකාරයේ ලංකාවේ සමහර විට එකම ව්‍යාපෘතිය මේක. ඒ ඇරුනාම තරුණ වෘත්තිකයෝ ව්‍යවසායකයෝ කිහිපදෙනෙක් එකතුවෙලා ආරම්භ කළ ව්‍යාපෘතියක් වීමත් නිසා මේ අවස්ථාවට සහභාගිවෙන්න මට ලොකු ඕනකමක් තිබුණා.

මොකද ඔබ දන්නවා අපේ රට ජනගහන ගණත්වය වැඩි රටක් පුනර්ජනනීය බලශක්තිය වගේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් වෙනුවෙන් උනත් ඉඩම් විශාල ප්‍රමාණයක් යොදාගන්න අපහසුයි. ඉතිං මේ වගේ ගොවිපල එක්ක සත්ව පාලනය එක්ක එකාබද්ධ වෙච්ච සූර්ය විදුලි ව්‍යාපෘති ද්විත්ව ප්‍රයෝජන ලබාදෙනවා විතරක් නෙමෙයි ඉඩම් හා ගොඩනැගිලි වඩාත් කාර්යක්ෂමව භාවිත කරන්නත් ඉඩකඩ සලසනවා. ඉතිං කුකුල් පාලනයත් එක්ක බද්ධවෙච්ච මේ සූර්යබල ව්‍යාපෘතිය ගැන තොරතුරු ක්ෂේත්‍රයේ අනෙකුත් කර්මාන්තකරුවන්ටත් ආරංචි උනාම එගොල්ලොත් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කලොත් ඒක රටට වැඩදායි එකක් වෙයි. ඒ අතින් මේ ව්‍යාපෘතිය ආදර්ශමත් එකක්.

ඒ වගෙම ඒ විදිහට හැදෙන විදුලිබලය ඒ ඒ ගොවිපල වලම එදිනෙදා කටයුතු වලට භාවිත කරන්න පුලුවන්නං අපි දැන් මුහුණදීලා තියෙන විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වගෙන යන්න අරගන්න සිදුවෙලා තියෙන සීමාකිරිමේ පියවර නොගෙන ඉන්නත් ඒ වගේම ගබඩා කරන බැටරි පද්ධති වගේ තවත් ආයෝජන අවශ්‍ය වෙන ව්‍යාපෘති නොකර ඒවා වෙනක් ආයෝජන වලට යොමුකරන්නත් අපට පුලුවන් “

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED