
පුංචි දූ දරුවන්ගේ නැණ පහන් දල්වන්නට අතුරුගිරියෙන් ඇරඹෙන “උතුම් සත්කාරය” –
ලොව දකින්නට මං තනන මහා පින්කම මෙවර කොත්මලේට
අනාගතයේ රට බාර ගැනීමට සිටින අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරලනු වස්, අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම මගින් මෙහෙයවනු ලබන “උතුම් සත්කාර” වැඩසටහන මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙවර මෙම උදාර සත්කාරයේ ප්රතිලාභ හිමිවන්නේ කොත්මලේ, මාසැල ගැමුණු මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ටයි.
දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉගෙනුමට දස්කම් පාන ඒ පුංචි දරුවන්ගේ පාසල් උපකරණ අවශ්‍යතාවය සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා පොත්පත් සහ පාසල් උපකරණ පාර්සල් කිරීමේ කටයුතු අද (මාර්තු 07) සෙනසුරාදා පෙ.ව. 8.30 සිට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම් පරිශ්‍රයේදී ආරම්භ වුණා.
මේ සඳහා ශ්‍රමයෙන් දායක වීමට කැමති සැදැහැවත් ඔබ සැමට විවෘතව ඇරයුම් කරනවා.
සකස් කළ පාසල් උපකරණ රැගෙන කොත්මලේ බලා පිටත්වීම මාර්තු 10 වන අඟහරුවාදා සිදු කිරීමට නියමිතයි.
අහිංසක දරුවෙකුගේ මුවඟට සිනහවක් ගෙනෙන්නටත්, ඔවුන්ගේ අනාගතය ආලෝකවත් කරන්නටත් ශ්‍රමයෙන් හෝ සහභාගීත්වයෙන් අත්වැල් බැඳගන්නා ලෙස අප මෙත් සිතින් සිහිපත් කර සිටිමු.
මනුෂ්‍යත්වය අගයන ඔබ සැමට මෙය උතුම් අවස්ථාවකි.
📞 වැඩිදුර විමසීම්:
071 5555 015
071 0838 428

