
ඇමෙරිකානු-ඉරාන ගැටුමේ ප්‍රතිඵල හික්කඩුව වෙරළට
ගාල්ල ප්‍රදේශයේ මුහුදු සීමාවට නුදුරින් අමෙරිකාව විසින් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයකට ලක්ව විනාශ වූ ඉරාන නෞකාවේ යැයි සැක කෙරෙන කොටස් රැසක් අද (07) හික්කඩුවේ සිට සීනිගම දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා.
මේ හේතුවෙන් එම වෙරළ තීරය පුරා දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, නෞකාව විනාශ වීමත් සමඟ ඉන් කාන්දු වූ ඩීසල් සහ තෙල් වර්ග වෙරළ තීරය පුරා පැතිර ගොස් ඇත.
මේ හේතුවෙන් මුහුදු මත්ස්‍යයින් විශාල වශයෙන් මියගොස් වෙරළට ගොඩගසා ඇති අයුරු දැකගත හැකියි.
වෙරළ තීරය පුරා පවතින අධික දුගඳ සහ අපිරිසිදු තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සදහන්.
වෙරළට ගොඩගසා ඇති නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ කොටස් සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කිරීමටත්, පැතිර යන තෙල් පැල්ලම් පාලනය කිරීමටත් වහාම මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීහු රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

