නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටිනවා .
ගොඩබිම් මාර්ගයේ ඔස්සේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි බලා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු ඉවත්කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටිනවා .
පද්ධති දෝෂයක් පැවතුන ද ඒ සඳහා නේපාල සංක්‍රමණික බලධාරීන් සමග සම්බන්ධීකරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා .

