මහනුවර දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා .
ඊයේ අලුයම මහනුවර – කටුගස්තොට මාර්ගයේ සියඹලාතැන්න හන්දිය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබෙනවා .
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 18ක් වූ අකුරණ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, කොළඹ – මඩකලපුව ප්රධාන මාර්ගයේ පාතකඩ හන්දිය ප්රදේශයේදී රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටී පෙරළිමෙන් පසු ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ද ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු සහ එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 63ක් වූ කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, ඊයේ සවස් කාලයේ මහියංගනය පොලිස් වසමේ මහියංගනය පදියතලාව මාර්ගයේ ගොනගල හන්දිය අසලදී පදියතලාව දෙසට ධාවනය වූ කැබ් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 37ක් වූ මාපාකඩවැව, මහියංගනය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරින් කැබ් රථයේ රියදුරුද තුවාල ලබා මහියංගනය රෝහලේ ප්රතිකාර ලබන අතර මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

