spot_img

අනතුරක් බලන්න ගිය පවුලකට ආපසු එද්දී වුණු දේ – කොත්මලේ ගැරඬි ඇල්ලෙන් අඩි 70ක් පහළට

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අද (02) අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අඩි 70ක පමණ ප්‍රපාතයට පෙරළී තිබේ.

මෙම අවාසනාවන්ත අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

යතුරුපැදි අනතුරකට ලක්ව රෝහල්ගත කර සිටි පුද්ගලයෙකු බැලීමට ගොස් කොත්මලේ තවලන්තැන්න දක්වා ආපසු පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

අලුයම 1.00ට පමණ රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනය කරගත නොහැකි වූ වෑන් රථය, මීට පෙර ලංගම බස් රථයක් අනතුරට පත් වූ සහ නායගිය ස්ථානයට ආසන්නයෙන්ම අඩි 70ක පමණ ප්‍රපාතයට පෙරළී තිබේ.

අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ සිටි හිමිකරුගේ පුත්‍රයෙකු මහත් පරිශ්‍රමයකින් ප්‍රපාතයෙන් ඉහළට විත් ප්‍රධාන මාර්ගයට පිවිස ඇත.

පසුව එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක් නතර කරවා ගනිමින්, අනතුරට පත්ව සිටි තම මව, පියා සහ අනෙක් පිරිස බේරාගැනීමට ඔහු සමත්ව තිබේ.

කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතාගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක්, කැබ් රථයේ සහය ඇතිව තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

රථය ධාවනය කර ඇත්තේ එහි හිමිකරු විසින්ම බවත්, නිදිමත පාලනය කරගත නොහැකි වීම අනතුරට ප්‍රධාන හේතුව බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED