යාපනය, කොළොම්බුතුරේ ප්‍රදේශයේදී අද දින සිදු වූ අතිශය ශෝකජනක රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය දෙස සිට කොළොම්බුතුරේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් ඇත්තේ මණියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි බ්‍රැඩ්ලි සහ ඔහුගේ ආදරණීය නැගණිය වන 19 හැවිරිදි ඩිලක්සි යන දෙදෙනායි.
බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන යාමටත් ප්‍රථම අවසන් හුස්ම හෙළා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර, අතුරුගිරිය බොරළුගොඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගුවන් පාලම අසලදී ලොරි රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ තවත් අනතුරකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

