spot_img

මහනුවරම කඳුළින් තෙත් කළ සිල්වෙස්තර සිසුන්ගේ සමුගැනීම – බස් රියැදුරු රක්ෂිත බන්ධනාගාරයට

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු වූ නෙතුල නිම්නිදු සහ සචිත් කරුණාරත්න යන සිසුන් දෙදෙනාගේ අකල් වියෝව මුළු මහනුවරම කඳුළින් තෙත් කර තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදු වූ මෙම බිහිසුණු අනතුර, පාසල් මාතාවට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට දරාගත නොහැකි ශෝකයක් ඉතිරි කර ඇත.

මඩුගල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී සිසුන් දෙදෙනාම බරපතල තුවාල ලැබූ අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් ජීවිතක්ෂයට පත් විය.

අනතුරට සම්බන්ධ බස් රථ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මියගිය සිසුන් දෙදෙනාගේ දේහයන් මේ වන විට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර ඇත.

නෙතුල නිම්නිදු සිසුවාගේ දේහය දොරගමුවේ ද, සචිත් කරුණාරත්න සිසුවාගේ දේහය පූජාපිටිය බොක්කාවල ද,
තැන්පත් කර ඇති අතර ප්‍රදේශවාසීන් සහ හිතමිතුරන් විශාල පිරිසක් සිය අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිති.

හෙට (04) පස්වරු 2.00 ට දේහයන් ඔවුන් අකුරු කළ ආදරණීය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙත රැගෙන ඒමට නියමිතය.

එහිදී ගුරුවරුන් සහ සිසුන් සිය සහෝදර සිසුන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, හෙට පස්වරුවේ මහයියාව ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED