කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ .
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබුවා .
අදාළ මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට ටෝලර් යාත්‍රාවකින් ගෙනවිත් කුඩා ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා .
එම කුඩා යාත්‍රාවේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ .

