spot_img

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිටින සිසුන්ට නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා .

එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියේ එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවයි.

එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා .

එළැඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ඉකුත් සැප්තැම්බර් 18 වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ දිනවල සිදු කෙරෙන අතර .මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වේ නම් 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක යටතේ විමසීමේ හැකියාව පවතිනවා .

මිට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ gceolexansl@gmail.com යන විද්‍යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED