spot_img

පියුම් හස්තික නොහොත් “පියුමා ” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් “පියුමා ” නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කර සිටියා .

මෙම නඩුව ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවාදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර සූම් තාක්ෂණය ඔස්සේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු බන්ධනාගාරගත කර තිබෙන අතර ඔහුට එරෙහි විමර්ශන සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා .

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර සිටියා .

‘කුඩු සලිඳු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතයෙකු බව කියන මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන වලට භාජනය වී සිටි තැනැත්තෙකු බවත් පොලීසිය සඳහන් කර සිටියේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED