කොළඹ දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක බැටරි කාමරයේ දොර විවෘත වී මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුගේ ශරීරයේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා .
කොළඹ හැටන් ප්රධාන මාර්ගයේ තැඹිලියාන ප්රදේශයේදී ඊයේ (22) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වූ දෙහිඕවිට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සිදු කළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව දෙහිඕවිට පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා .
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබනවා .

