අමෙරිකානු -කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටි සංචාරක බස් රථයක් පාලනයෙන් ගිලිහී යාම හේතුවෙන් අනතුරකට ලක් වී තිබෙනවා .
එම අනතුර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණි සංචාරකයින් මෙම බස්රථයේ ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ .
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 52 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරත් සමඟ පුද්ගලයින් බස්රථයෙන් ඉවතට විසිවී ගොස් ඇත.
එරට පොලීසිය පවසන්නේ බොහෝ දෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ ළමුන් කිහිපදෙනෙකු ද ගමන් කර ඇති අතර පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි .

