තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වී තිබෙනවා .පොලිසිය විසින් සිදු කල මුලික විමර්ශනවලදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත .
මේ අතර එම නිවසේ සිටි තවත් අයෙක් හදිසි අසනීප තත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළව ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ .
සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවද වාර්තා වී තිබෙනවා .

