ඊයේ (22) සවස් කාලයේ අම්පාර, කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කළ ටිපර් රථයකට මාර්ගය අයිනේ ගමන් කළ දරුවෙකු හා කාන්තාවක් ගැටී සිදු වූ අනතුරකින් කුඩා දරුවා මියගොස් තිබෙනවා .
අනතුරින් දරුවා හා කාන්තාව තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වූ උහන ප්රදේශයේ පදිංචි දරුවෙක් වන අතර අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

