ගංවතුර පාලන ව්‍යාපෘතියක දී ඩොලර් බිලියන ගණනාවක මහ පරිමාණයේ දූෂණ වංචාවක් සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත් දසදහස් සංඛ්‍යාත ජනතාව පිලිපීනයේ මැනිලා අගනුවර විරෝධතාවකට එක්වූ බවත්, පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
එරට විශාලතම දූෂණ විරෝධී ජනතා උද්ඝෝෂණයක් වෙනුවෙන් අතිවිශාල පිරිසක් එක්රැස්වනු ඇතැයි අපේක්ෂා කරමින් රජය විසින් පොලීසිය හා හමුදාව මැනිලා නුවර සීරුවෙන් තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
විරෝධතා අතරතුර කැරලි මර්දන පොලීසියට ගල් ප්‍රහාරයක් ද එල්ල වී ඇති අතර, විරෝධතාකරුවන් ටයර් පුලුස්සමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා .
එසේම විරෝධතාකරුවන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි මැනිලා නුවර නගරාධිපති මොරෙනෝ ඩොමගෝසේ ප්‍රකාශ කර තිබෙනවා .

