spot_img

තායිලන්ත_කාම්බෝජ ගැටුම තවත් උත්සන්න වෙයි

තායිලන්ත සහ කාම්බෝජ හමුදා ඔවුන්ගේ දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදු කර ඇති අතර, මේ වන විට දෙපාර්ශවයම පළමු වෙඩි තැබීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටී.

එය අග්නිදිග ආසියානු අසල්වැසියන් දෙදෙනා අතර දිගුකාලීන ආරවුලක උත්සන්න වීමක් ලෙස පෙන්වාදිය හැකිය.

තායි හමුදාව පවසන්නේ අවම වශයෙන් ඔවුන්ගේ හමුදා භටයින් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.

තානාපති කාර්යාලය තම ජාතිකයින්ට කාම්බෝජයෙන් පිටව යන ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

දෙපිරිස අතර වෙඩි හුවමාරුවෙන් එක් සිවිල් වැසියෙකු මිය ගොස් පස් හැවිරිදි දරුවෙකු තුවාල ලබා ඇති බව තායි රජය පවසයි.

තායිලන්තය තම භූමිය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමේදී ගුවන් ප්‍රහාර සහ බර අවි ඇතුළු ආයුධ බලය භාවිතා කළ බවට කාම්බෝජය පවසා තිබේ.

මෙම ගැටුම ආරම්භ වී ඇත්තේ දේශසීමාව තුළ තායි සොල්දාදුවෙකුට තුවාල සිදු කළ බිම් බෝම්බ පිපිරීමකින් පසු තායිලන්තය කාම්බෝජයේ සිය තානාපතිවරයා ආපසු කැඳවීමෙන් දිනකට පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED