spot_img

කාම්බෝජය සමඟ ගැටුමෙන් තායිලන්තයේ පුද්ගලයන් 12 දෙනෙකු මරුට

තායිලන්තය හා කාම්බෝජය අතර ඇතිව තිබෙන දේශසීමා ගැටුම් හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තායි බලධාරීන් පවසන පරිදි අනුව මියගිය පිරිසෙන් 11 දෙනෙකු සිවිල් වැසියන් වන අතර, එක් අයෙකු හමුදා සෙබළෙක්ය.

වසර 100කට වැඩි කාලයක සිට දෙරට අතර දේශසීමා ගැටුම් පවතින නමුත් අද (24) පෙරවරුවේ එය නැවත උණුසුම් විය.

මෙහිදී දෙපාර්ශ්වයම වෙඩි හුවමාරුවක් සිදුකර ඇති අතර, එකිනෙකා ගැටුම උත්සන්න කළ බවට චෝදනා කරගෙන ඇත.

කාම්බෝජය තමන්ට රොකට් ප්‍රහාර එල්ල කළ බවට තායිලන්තයට චෝදනා කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස තායිලන්තයද කාම්බෝජ හමුදා ඉලක්ක ගුවන් ප්‍රහාර එල්ල කළේය.

සිදු වූ ගැටුමෙන් කාම්බෝජය තවමත් තමන්ට සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා නිල සඳහනක් කර නොමැත.

ලොව ප්‍රධානම බෞද්ධ රාජ්‍යයන් දෙකක් ලෙස තායිලන්තය මෙන්ම කාම්බෝජය සැලකේ.

තායිලන්ත ජනගහනයෙන් 97.5%ක් බෞද්ධ වන අතර, කාම්බෝජයේ 97.1%ක් බෞද්ධයන් ජීවත් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED