ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) ඉහළ පෙළේ නායකයින් පිළිබඳ තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ දැවැන්ත මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය වර්ධනය කරමින්, අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා කලාපයට යෙදවීමට ද අමෙරිකාව පියවර ගෙන ඇත.
මේ අතර විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරන්නේ, උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි කාර්ග් දූපතේ (Kharg Island) ඉරාන හමුදා මධ්‍යස්ථාන කිහිපයකට අමෙරිකාව විසින් ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි.
මෙම ප්‍රහාරත් සමඟ කලාපීය ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, අමෙරිකාව ගෙන ඇති මෙම දැඩි තීරණය හමුවේ ඉරානය දක්වන ප්‍රතිචාරය පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබේ.

