සංචාරක සංවර්ධන අධිකාරිය පවසා සිටින්නේ අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ දී 146,755ක සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසා .
ඒ අනුව නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය තවදුරටත් පෙන්වා දෙන්නේ නව සංචාරකයින් ගේ පැමිණීමේ දත්ත අනුව 2025 වසරේ සිට මේ දක්වා සංචාරකයින් 1,515,043 ක් මෙරටට පැමිණ ඇති බවයි .
වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර අගෝස්තු මාසයේ පළමු දින 20 තුළදී එරටින් සංචාරකයින් 33,588 ක් පැමිණ ඇත .
මීට අමතරව එක්සත් රාජධානියෙන් 15,726ක් , ඉතාලියෙන් 10,501ක් සහ චීනයෙන් 9,299ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

