STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබෙනවා .හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්රදේශයකදී මෙම වෙඩි හුවමාරුව සිදු වී ඇති අතර අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ .
මෙම වෙඩි හුවමාරුවේ දී වෙඩි හුවමාරුවේදී STF නිලධාරියෙකුටද වෙඩි වැඩි ඇති අතර එමඟින් තුවාල ලැබූ ඔහු සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා .
අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර ඇති බව සඳහන් .
වෙඩිවැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලීසිය සැක පළ කර සිටිනවා .
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා .

