බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා .
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්රියාකලාපයන්ට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන බවයි සඳහන් වන්නේ .
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව යි .
ඊයේ (20) දිනයේ දී අදාළ අධ්‍යක්ෂවරියගේ ක්රියාකලාපයන්ට විරෝධය පල කරමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා .
චානක ධර්මවික්‍රම මහතා වැඩි දුරටත් පවසා සිටියේ සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවයි .

