විනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ මිය ගොස් තිබෙනවා .
අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ . මිය යන විට ඔහු 88 වන වියෙහි පසු වුණා
මොහු දෙන නඩු තීන්දු සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර බොහෝ දෙනෙකුට සමාව ලබාදීමට ඔහු කටයුතු කළේය.
වසර 40 කට ආසන්න කාලයක් ඔහු රෝඩ් අයිලන්ඩ් හි ප්‍රොවිඩන්ස් නාගරික අධිකරණයේ සේවය කළ අතර, ඔහුගේ ජනප්‍රිය හාස්‍යය, සංවේදනය සහ සැබවින්ම දයානුකම්පිත තීන්දු සමඟ ලොව පුරා ජනතාවගේ හදවත් දිනා ගනු ලැබුවා .

