නාඋල පොලිස් වසමේ බෝවතැන්න ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු 27ක තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
නාඋල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඊයේ (20) සවස් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බවයි.
අදාල තරුණයා වනමැදගම, බිබිල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙලෙස බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටියදී අදාළ තරුණයා අනතුරට පත්ව ඇති බවට නාඋල පොලීසිය සඳහන් කර සිටියා .
මේ අතර, ඊයේ (20) අහංගම පොලිස් වසමේ අහංගම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා .
එසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 24ක වත්තල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
නාවික හමුදා නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාඋල පොලීසිය සහ අහංගම පොලීසිය විසින් අතුරුදන් වූ තරුණයින් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ .

