spot_img

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හදිසි ගංවතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්ත්වයෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කඳවුරක සිටි ගැහැණු ළමයින් 25 දෙනෙකුද එම ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදන් වුවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමග පුද්ගලයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් ඕනෑම ආධාරයක් ලබා දීමට ඇමරිකානු ජනධිපති ඩොනල් ට්‍රම්ප් විසින් පොරොන්දු වී වූ බව ටෙක්සාස් ආණ්ඩුකාරවරයා පවසනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලි බලයද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED