spot_img

ට්‍රම්ප් බදු සහ වියදම් පනතට අත්සන් තබයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු සහ වියදම් පනතට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව බදු කප්පාදු, ආරක්ෂක වියදම් වැඩි කිරීම් සහ සංක්‍රමණ මර්දනය ඇතුළු වැඩසටහන් කිහිපයක් බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම පනත් කෙටුම්පත පිටු 870 කින් සමන්විත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අදාල පනත් කෙටුම්පත තුළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය වන 2017 වර්ෂයේදී සිදු කරන ලද බදු කප්පාදු දීර්ඝ කිරීම, අතිකාල සහ සමාජ ආරක්ෂණය සඳහා නව බදු සහන සහ ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 150 කින් වැඩි කිරීම ඇතුලත් වී තිබෙනවා.

මේ තුලින් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කල හැකි බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් එම පනත සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් අතර විවේචනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පනත් කෙටුම්පතෙන් ධනවතුන්ට ප්‍රතිලාභ ලැබෙන බවටත් දුප්පතුන්ට දඬුවම් කරන බවටත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පනත අත්සන් කිරීමට පෙර ඉරාන මෙහෙයුමට ගෞරවයක් වශයෙන් අමෙරිකානු ජාතික ගීය වාදනය කරන අතරතුර ජෙට් යානා දෙකක් සහ ඊ-2 වර්ගයේ බෝම්බ හෙලන යානයක් ධවල මන්දිරයට ඉහළින් පියාසර කර තිබෙනවා.

එමෙන්ම එම ප්‍රහාරවලට සහභාගී වූ නියමුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උත්සවයට ආරාධනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED