යෞවනයේ මිහිරියාව අත්විඳිමින්, හෙට දවස පිළිබඳ දහසක් සිහින දකිමින් සිටි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට සිය ජීවිතයේ අවසන් හුස්ම හෙළීමට සිදුවූයේ කිසිවෙකු නොසිතූ මොහොතකදීය.
ඊයේ රාත්රියේ කිලිනොච්චිය, ධර්මපුරම් ප්රදේශයේ සිදුවූ එම අවාසනාවන්ත රිය අනතුර, මේ වන විට මුළු ප්රදේශයම දැඩි ශෝකයක ගිල්වා තිබේ.
එදින රාත්රී 10.45ට පමණ සිදුවූ එම බිහිසුණු ගැටුමෙන් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනා අකාලයේ දැයෙන් සමුගත්තේය.
මුලතිව් දෙස සිට ධර්මපුරම් දෙසට ගමන් ගත් ඔවුන්ගේ යතුරුපැදිය, ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ලෝඩර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිහින මැවූ දෙමාපියන්ට, අද ඔවුන්ගේ දරුවන්ගේ නිසල දේහයන් දෙස බලා සිටීමට සිදුවීම කෙතරම් කම්පනයක්ද?
මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

