spot_img

රජයේ සේවකයින්ට මෙන්ම පාසල්වලටත් හෙට (17) සිට බදාදා නිවාඩු

පවතින ඉන්ධන සැපයීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම බදාදා දිනය රජයේ සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට රජය ගත් තීරණයට සමගාමීව පාසල් පද්ධතිය සඳහා ද මෙම තීරණය ගත් බවයි.

මේ වන විට මතුව ඇති බලශක්ති අභියෝග කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, මෙම නිවාඩුව රජයේ පාසල්වලට අමතරව විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයට ද අදාළ වන බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය, වරාය, ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා කාණ්ඩයන් සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව ද ඒ මහතා අවධාරණය කරනවා.

රටේ පවතින තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන කමිටු 4ක් පත් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට සිට නැවත දැනුම් දෙන තුරු මෙම සතිපතා බදාදා නිවාඩුව ක්‍රියාත්මක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED