spot_img

“බ්‍රෙන්ට් 103යි – WTI 98යි” – ලෝක තෙල් මිල නගිනකොට අපේ පෝලිම්වලට මොකද වෙන්නේ?

පවතින ගෝලීය දේශපාලනික නොසන්සුන්තාවය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, අද (මාර්තු 16) වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 103 මට්ටමටත්, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 මට්ටමටත් වාර්තා වී තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙය වසර කිහිපයකට පසු වාර්තා වූ ඉහළම මිල අගයන් අතරින් එකකි.

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම සහ මෙරට තුළ ඇති වී තිබෙන අධික ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම සඳහා රජය විසින් ඊයේ (මාර්තු 15) සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් QR කේත ක්‍රමය යටතේ ඉන්ධන සලාක ක්‍රමයක් හඳුන්වා දී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ රට තුළ ප්‍රමාණවත් තෙල් තොග පවතින බවත්, පෝලිම් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත්ය.

කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය වී ඇති ආකාරය දක්නට ලැබෙන අතර, QR පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඇතැම් ස්ථානවල නොසන්සුන් තත්ත්වයන් ද වාර්තා විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED