spot_img

දරුවන්ගේ මොළයේ වර්ධනය අඩාල කරන ‘ඔන්ලයින්’ උගුල – දෙමාපියනි, වහාම අවදි වන්න!

අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට මරු පහරක් එල්ල කරමින්, වයස අවුරුදු 3 සිට 5 දක්වා කුඩා දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන “මාර්ගගත” (Online) පන්ති සහ සම්මන්ත්‍රණ පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය බියකරු අනාවරණයක් සිදු කරනවා.

වර්තමානයේ වාණිජ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන මෙම Online සම්මන්ත්‍රණ ජාලය තුළින් දරුවෙකුගේ අනාගතය අඳුරට ඇද දමන කරුණු රැසක් මේ වන විටත් හෙළි වී ඇති බව අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ.

ඒ අනුව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක දත්තවලට අනුව, අජීවී තිරයක් දෙස බලා සිටිමින් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කරන කුඩා දරුවන් මුහුණ දෙන අවදානම් මෙසේයි…

මොළයේ වර්ධනය අඩාල වීම: දරුවාගේ මොළය වර්ධනය වන වයසේදී ඔවුන්ව තාක්ෂණික මෙවලම්වලට අධික ලෙස නිරාවරණය කිරීම භයානක සෞඛ්‍ය ගැටලුවලට මග පාදයි.

සමාජීය කුසලතා විනාශ වීම: අසල්වැසි දරුවන් හෝ පරිසරය සමග අන්තර්ක්‍රියා නොකිරීම නිසා දරුවා හුදෙකලා චරිතයක් බවට පත්වෙයි.

අවධානය සහ නිර්මාණශීලීත්වය මොට වීම: එක දිගට තිරයක් දෙස බලා සිටීම නිසා දරුවාගේ අවධානය රඳවා ගැනීමේ හැකියාව හීන වන අතර නිර්මාණාත්මකව සිතීමේ හැකියාව සම්පූර්ණයෙන්ම බාධා පමුණුවයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දරුවෙකුගේ හොඳම ගුරුවරයා පරිසරය සහ සජීවී අත්දැකීම් මිස ඩිජිටල් තිරයක් නොවන බවයි.

රජයේ සහ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව පූර්ව ළමාවිය අධ්‍යාපනය ලැබිය යුත්තේ ක්‍රියාකාරකම් පාදක කරගත් සජීවී පරිසරයකදී පමණි.

මෙවැනි මාර්ගගත පන්ති මගින් දරුවාගේ අධ්‍යාපන ප්‍රමිතිය ඉහළ නොයන අතර, සිදු වන්නේ ඔවුන්ගේ ස්වභාවික වර්ධනය අඩාල වීම පමණක් බව දෙමාපියන් වටහා ගත යුතුය.

එබැවින්, වාණිජමය උගුල්වලට හසු වී දරුවන්ගේ මානසික සෞඛ්‍යය විනාශ කිරීමෙන් වැලකී සිටින ලෙසත්, දරුවාගේ අනාගතය පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED