spot_img

ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස දින 4ක වැඩ සතියක්? තීරණය අද පස්වරුවේ..

මෙරට පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරිමැසීම සහ ජනතාව පත්ව ඇති පීඩනය අවම කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය සඳහා දින හතරක වැඩ සතියක් හඳුන්වා දීමේ විශේෂ යෝජනාවක් කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

මෙම තීරණාත්මක යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සදහන්.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන්ට දැනටමත් දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, ඉන්ධන අර්බුදයට පිළියම් ලෙස දින හතරක වැඩ සතිය ඇතුළු යෝජනා කිහිපයක් මේ වන විට සලකා බලමින් පවතින බවයි.

වැඩ කරන දින ගණන සීමා කිරීමට අමතරව, ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පෝලිම් පාලනය කිරීම සඳහා වන තවත් යෝජනා කිහිපයක් ද අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED