spot_img

ඉරාක සන්නද්ධ කණ්ඩායමක් ඇමරිකානු යානයක් විනාශ කිරීමේ වගකීම භාරගනී

ඉරාක සන්නද්ධ කණ්ඩායමක් ඇමරිකානු යානයක් විනාශ කිරීමේ වගකීම භාරගනී.

ඇමරිකාවට අයත් ‘Boeing KC-135 Stratotanker’ යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්වීමේ සිදුවීමේ වගකීම ඉරානයට හිතවත් ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් භාරගෙන තිබෙනවා.

ඉරානයට එරෙහි මෙහෙයුමට සහභාගී වූ අමෙරිකානු ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස කඩාවැටුණු අතර, එහි ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා පැවසීය.

මෙහිදී ඔහු පවසා සිටියේ, මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවය.

ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් වන ‘The Islamic Resistance ​in Iraq’ මෙම යානය බිම හෙළීමේ වගකීම භාරගෙන ඇත.

තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා KC-135 ගුවන් යානයට වෙඩි තැබූ බව එම කණ්ඩායම නිකුත්කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

කඩාවැටුණු යානයේ අවම වශයෙන් කායර් මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිටි බව ඇමරිකාව පවසනවා.

boeing kc-135 stratotanker
boeing kc-135 stratotanker

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED